Posts

Image
. දරුවකුගේ උපතේ සිට මාස 6 සම්පූර්ණ වන තෙක් මව්කිරි මගින් ලැඛෙන ශක්තිය හා පෝෂණය දරුවාට ප්‍රමාණවත් වුවද , මාස 6 සම්පූර්ණ වීමෙන් පසුව වර්ධනයට අවශ්‍යය ශක්තිය හා පෝෂණය ලබාගැනීමට මව්කිරි ප්‍රමාණවත් නොවේ. එමනිසා එම පෝෂණ අවශ්‍යතාවය සපුරා දීමට මාස 6 සම්පූර්ණ වීමත් සමග දරුවාට අමතර ආහාර හදුන්වා දීම අත්‍යවශ්‍යය කාරණයකි. දරුවාට ආහාර කැවීමේ හුරු පුරුද්ද පදනම් කරගෙන ආහාර කැවීම ප්‍රධාන ආකාර දෙකකට හදුන්වා දිය හැකිය. • ප්‍රතිචාරාත්මක ආහාර කැවීම • ප්‍රතිචාරාත්මක නො වන ආහාර කැවීම ප්‍රතිචාරාත්මක නොවන ආහාර කැවීම ප්‍රතිචාරාත්මක නො වන ආහාර කැවීමේ දී මව හෝ රැකබලාගන්නා සහ දරුවා අතර අහාර කැවීමේ කාලය තුළ දී ඇති වන අන්‍යොන්‍ය බැඳීම ඉතා දුර්වලය. මේ දුර්වල ආහාර කැවීමේ චර්යාව තවදුරටත් කොටස් කිහිපයකින් විස්තර කළ හැකිය. මෙම ආහාර රටාවන් නිසා දරුවාට මෙන්ම මවටද අවාසිසහගත තත්ත්වයන් උදා කරයි. එම දුර්වල ආහාර කැවීමේ ආකාර නම් , මවට පහසුවන අයුරින් දරුවාට ආහාර දීම සිදුවන අතර දරුවාගේ අවශ්‍යතාවයට ආහාර දීම සිදු නොවීම මව විසින් බලෙන් දරුවාට ආහාර ලබාදීම.   දරුවා ආහාර ගන්නා විටදී මව වෙනත් රාජකාරීඉන් වල න